Thursday, July 10, 2025
Follow Us
එජාපයේ අවසන් තීන්දුව අද

එක්සත් ජාතික පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරන ආකාරය සම්බන්ධයෙන් තීන්දු තීරණ අද (30) රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ගැනිමට නියමිත බව එම පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේ දී පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය මත අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට බලාපොරොත්තු වන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් ඉදිරි මහ මැතිවරණය ජයග්‍රහණය කළහොත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ එක්ව ආණ්ඩු කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නැති බවත් ඒ මහතා කියා සිටියේය.

(Lanka Leads)