පොදුජන එක්සත් පෙරමුණේ විධායක සභාව අද (30 වැනිදා) සවස රැස්වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් විධායක සභාව රැස් වන අතර
ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ව්‍යවස්ථාව සමග පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව ඒකාබද්ධ කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රකාශකයෙක් පැවසීය පැවැසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ දාහතක් ඒකාබද්ධව පිහිටුවාගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය ලෙස පොදුජන එක්සත් පෙරමුණේ ‘පුටුව’ ලාංඡනය යොදා ගැනීමටද එකඟතාව ලැබී ඇත.
මෙදින පොදුජන එක්සත් පෙරමුණ සඳහා එම නිලධාරී මණ්ඩලයක් පත් කර ගැනීමටද නියමිතය. එම පෙරමුණේ මහලේකම්වරයා වූයේ හිටපු අගමැති, අභාවප්‍රාප්ත දි.මු. ජයරත්නය.
(Lanka Leads)