Thursday, July 10, 2025
Follow Us
ජනපතිගේ ප්‍රතිපත්තියට පිටින් යමින් මුසම්මිල් කුරුණෑගලින් මහ මැතිවරණයට

වයඹ පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා ඉදිරි මහ මැතිවරණයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානම් වෙනවා. ඊයේ පැවති (28) මාධ්‍ය හමුවකදී ඔහු මේ බව නිළ වශයෙන් සඳහන් කළේය.

කෙසේ වෙතත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ දිවුරුම් දීමෙන් පසුව සඳහන් කර තිබුණේ ඉදිරි මහ මැතිවරණය සඳහා තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටි කිසිදු පුද්ගලයෙකු රාජ්‍ය ආයතනවල තනතුරු සඳහා පත් නොකරන බවයි. එම ප්‍රතිපත්තියට අනුව පොදුජන පෙරමුණට සම්බන්ධ බොහෝ දෙනා ආණ්ඩුවේ තනතුරු ලබා ගැනීමෙන් වැලකී සිටියේය.

එසේ තිබියදී වයඹ ආණ්ඩුකාර තනතුරට පත් වූ මුසම්මිල් මහතා ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව පොදුජන පෙරමුණේ බොහෝ දෙනාගේ විරෝධය එල්ල වී තිබේ. ඔවුන් පවසන්නේ මහ මැතිවරණයට තරග කරන්නේ නම් දැන් හෝ මුසම්මිල් මහතා වයඹ ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් වීමට කටයුතු කළයුතු බවයි.

(LNW)