Thursday, July 10, 2025
Follow Us
වෝහාරික විගණන වර්තා මත නඩු පවරන්න - හඳුන්නෙත්ති ජනපතිට ලියයි

පසුගිය රජය සමයේ පැවති කෝප් කමිටුවේ ඉල්ලීම පරිදි, බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන පරීක්ෂණයක් සිදු කළ බවත්, එසේ වෝහාරික විගණනයක් සිදු කළේ අධිකරණ කටයුතු වෙනුවෙන් බැවින් එම වාර්තා පදනම් කරගෙන දූෂිත බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් කෝප් කමිටුවේ හිටපු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

මන්ත්‍රීවරයා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් මේ බව සඳහන් කරයි.

මෙම වෝහාරික විගණන වාර්තා හරහා කෝප් කමිටුවේ හා බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසමේ පරීක්ෂණවල නිගමන හා නිර්දේශ තවදුරටත් සනාථ කර ඇති බව ද හඳුන්නෙත්ති මහතා පෙන්වා දෙනවා.

බැඳුම්කර වංචාව හේතුවෙන් බලපෑම් සිදු වූයේ මහ බැංකුවට පමණක් නොව රටේ වැඩකරන ජනතාව විසින් ඉතා දුෂ්කර තත්වයන් යටතේ තමන්ගේ විශ්‍රාම දිවිය වෙනුවෙන් ඉතිරි කරන සේවක අර්ථ සාධක අරමුදලට ද මෙම සුදු කරපටි අපරාධකරුවන් විසින් බරපතල පාඩුවක් සිදුකර ඇති බව ද මන්ත්‍රීවරයා පවසනවා.

(LNW)