Monday, January 19, 2026
Follow Us
ඊයේට නියමිතව තිබුණු රනිල් - සජිත් තීරණාත්මක හමුවත් අදට කල්යයි.

පක්ෂයෙහි පවතින නායකත්ව අර්බුදය විසඳා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණු මුහුණට මුහුණ හමුව ද අද (29) පස්වරුව දක්වා කල් ගොස් ඇති බව වාර්තා වේ.

අතිශයින්ම තීරණාත්මක අවසන් සාකච්ඡාවක් වශයෙන් පැවැත්වීමට සූදානම් කර තිබුණු මෙම හමුව අවසන් මොහොතේදී නොවැළැක්විය හැකි හේතුවක් මත දෙපාර්ශ්වයේම එකඟතාවෙන් කල් දැමුණු බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

ඒ අනුව එම සාකච්ඡාව අද පස්වරු 03.00ට පැවැත්වීමට නියමිතව තිබේ.

(LNW)