ඉදිරි මහමැතිවරණයේදී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට නියමිත බව වාර්තා වේ.
අවසන් යුධ සමයේදී සිවිල් ආරක්ෂක බලකායේ අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළ ඒ මහතා 2010 වසරේදී මහ මැතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කළේ දිගාමඩුල්ල දිස්ත්‍රික්කයෙනි.
2015 මහමැතිවරණයේදී මනාප 49,494ක් ලබා ගත්ත ද පාර්ලිමේන්තු වරම් අහිමි වූ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වියත් මග දේශපාලන ව්‍යාපෘතියෙහි ඉදිරි පෙළ දේශකයකු ලෙස ඉන් ඉදිරියට ක්‍රියා කළේය.
(LNW)