Monday, January 19, 2026
Follow Us
රනිල්, සජිත්, කරූ සමගි කිරීමේ වගකීම තිස්ස භාර ගනී

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය විසදීම සඳහා එහි හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක වගකීම භාර ගෙන තිබෙනවා. ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් එකම සාකච්ඡා මේසයකට රැගෙන ඒමට තමන් උත්සාහ කරන බවයි ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ.

එක්සත් ජාතික පක්ෂයෙන් වෙන්ව නව පක්ෂයක් පිහිටු වීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් නියෝජිතයන් ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන්ද මෙහිදි අදහස් පල වුණා.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුධය විසදීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කතානායක කරූ ජයසූරිය සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් අතර මීට පෙර වෙන් වෙන් සාකච්ඡා පැවතුණා.

(Neth)