Wednesday, July 09, 2025
Follow Us
19 වන ව්‍යවස්ථා සංශෝධනයට ගෝඨාභය රජු හා මහින්ද යුවරජු අතර සීතල යුද්ධයක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ කණ්ඩායම් අතර නොපෙන්වන සීතල යුද්ධයක් ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක් පාර්ශවයක් විසින් 19 ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට පවසමින් සිටීම ඊට නිදසුනක් යැයි ඇය සඳහන් කළාය.

එම සංශෝධනය අහෝසි කලහොත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවලංගු කාසියක් වන බවද ඇය පවසයි.

මෙම ආණ්ඩුව බිඳ වැටෙන්නේ රජු හා යුවරජ අතර ගැටළුවකින් බවද ඇය තවදුරටත් කියා සිටියාය.

මන්ත‍්‍රීවරිය මේ බව කියා සිටියේ විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(Lanka Leads)