එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය නව සාමාජිකයන් පත්කිරීම අද (27 වැනිදා) සිදු කෙරේ. එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල හිටපු සාමාජිකයන්ගේ ධුර කාලය 2019 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වීම හේතුවෙන් මෙලෙස නව සාමාජිකයන් පත්කිරීම සිදු කෙරේ.
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ නායකයා පත්කිරීමේදී කෘත්‍යාධිකාරි මණ්ඩලයේ අනුමැතිය අවශ්‍ය වේ. කෙසේ වෙතත් කෘත්‍යාධිකාරී මණ්ඩල නව සාමාජිකයන්ගෙන් බහුතරයක් තෝරා පත්කිරීමේ බලතලද පක්ෂ නායකයා සතු වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායකත්ව අර්බුදය විසඳීමේ පියවරක් ලෙස කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ගැටලුව සාකච්ඡා කිරීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එකඟත්වය පළකර ඇතැයි වාර්තා වේ. එහෙත් අද (27 වැනිදා) පත්කෙරෙන නව කෘත්‍යාධිකාරි මණ්ඩලය අර්බුදය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා කවර දිනයක කැඳවනවාද යන්න මෙතෙක් තීරණය වී නැතැයි සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.
(Aruna)