Wednesday, July 09, 2025
Follow Us
සිංහල බෞද්ධ රට පිළිනොගන්න අය එජාපයෙන් පන්නයි

ශ්‍රී ලංකාව සිංහල, බෞද්ධ රටක් නොවන බව පවසමින් බෞද්ධ ආගමට ගරහන එජාපයේ ඇතැමුන් වහාම පක්ෂයෙන් ඉවත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේ ඊයේ (26 වැනිදා) පැවැති එ.ජා.ප. පළාත් පාලන නියෝජිත හමුවේදීය.

එමෙන්ම රාජපක්ෂවරුන් සමග ඩීල් දැමූ එක්සත් ජාතික පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ද සිය පක්ෂයෙන් ඉවත් කළ යුතු බව හෙතෙම කීවේය. එම නිසා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය වෙනස් කිරීමට නම් පක්ෂයේ සිටින දූෂිත පිරිස් ඉවත් කර ශක්තිමත් නව නායකයන් බිහි කළ යුතු බව ද සිංහල බෞද්ධයාට ​ළෙන්ගතු නොවී මේ රටේ දේශපාලනය කළහොත් පක්ෂයක් වශයෙන් ඉදිරියට යාමට නොහැකි බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(Lanka Leads)