Wednesday, July 09, 2025
Follow Us
සජිත් බිම් මට්ටම කොළඹට ‌ගෙන්වයි: සිරිකොත කලබල ‌වෙයි

විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අද ‌ඉරිදා (26) දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමට පියවර ‌ගෙන ඇත.

ඉකුත් ජනාධීපතිවරණයේදී දැක්වූ සහයෝගයට ස්තූති කිරීම සදහා ‌මෙසේ මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවා ඇති බව වාර්තා ‌වේ.

කෙසේවෙතත් ‌මේ ආකාරයට පක්ෂයේ සියලුම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ‌කොළඹට කැදවීමට පියවර ගැනීම සම්බන්ධයෙන් එජාපයේ වික්‍රමසිංහ පිල නියෝජනය කරන මන්ත්‍රීවරුන් කලබලයට පත්ව සිටින බවද දැනගන්නට ඇත.

මේ අතර ඉකුත් අගහරුවාදා ‌ප්‍රේමදාස මහතා ‌මේ ආකාරයටම පක්ෂයේ ආසන සංවිධායකවරුන් ‌කොළඹට කැදවා සාකච්ජා කිරීමටද පියවර ‌ගෙන තිබිණ.

(Lanka Leads)