එක්සත් ජාතික පෙරමුණෙහි සියලුම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සහ අපේක්ෂකයින්ගේ හමුවක් හෙට (26) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම හමුව, කොළඹ ජාත්‍යන්තර ප්‍රදර්ශන සහ සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වෙන බවයි එජාපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේ.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා මෙම පළාත් පාලන ආයතන නියෝජිතයින්ගේ සහ අපේක්ෂකයින් හමුවී වර්තමාන දේශපාලන තත්වය පිළිබඳව සහ තමන්ගේ දේශපාලන ස්ථාවරය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිත බව පැවසූ අජිත් පී. පෙරේරා මහතා එම අවස්ථාව සඳහා එක්සත් ජාතික පෙරමුණේ සියලුම පක්ෂ නායකයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් සහ ආසන සංවිධායකයින් ද සහභාගී වනු ඇති බවත් ප්‍රකාශ කළේය.
(LNW)