ඉදිරියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් තරග කිරීම සඳහා ඊට සුදුසු අපේක්ෂකයන් ඒ ඒ පක්ෂවලින් යෙදවිය යුතු බවට ජනතා ඉල්ලීම් ඉදිරිපත් වෙමින් පවතී.
ඒ අනුව ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ද අවධානය යොමුව ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කරයි.
ඉදිරි මැතිවරණය සඳහා දූෂිතයින් නොවන පුද්ගලයින් හට නාමයෝජනා ලබා දීමටත්, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර ලබා දීමේදී වැඩක් කළ හැකි වියතුන්ට ප්‍රමුඛත්වය ලබා දීමටත් ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබේ.
රජයේ මාධ්‍ය ප්‍රකාශකයන් විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී ද කියා සිටියේ නිසි පුද්ගලයන් මැතිවරණයට ඉදිරිත් කිරීම සඳහා ඒ ඒ පක්ෂ සිය වගකීම් ඉටුකළ යුතු බවයි.
එහිදී වැඩිදුරටත් අවධාරණය වී තිබුණේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූවන් කිසිවෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොකිරීමට දැනටමත් තීරණය වී ඇති බවයි.
(Lanka Leads)