Wednesday, July 09, 2025
Follow Us
මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් එජාපයත් පන්සල් යන්න සැරසෙයි

එක්සත් ජාතික පක්ෂයේ සිංහල බෞද්ධ ඡන්ද පදනම පසුගිය ජනාධිපතිවරණය වනවිට බරපතල ලෙස කඩා වැටී තිබෙන බැවින් නැවත සිංහල බෞද්ධ ජනතාව පක්ෂයට සමීප කර ගැනීම සඳහ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. විශේෂයෙන් මහ මැතිවරණයේදී ජාතික මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ, සිංහල බෞද්ධ නායකයන් ලෙස සැලකෙන පුද්ගලයන් පිරිසක් එජාප ලැයිස්තුවට ඇතුළත් කිරීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී ඇතැම් එජාප නායකයන් පෙන්වා දී ඇත්තේ පක්ෂයේ දකුණේදී දැවැන්ත පසුබෑමක් අත් කරගෙන ඇති බවයි. පසුගිය ජනාධිපතිවරණයේදී උතුරේ බහුතර ඡන්ද නොවන්නට එජාපය ලක්ෂ 20 වඩා වැඩි ඡන්ද ප්‍රමාණයකින් පරාජය වන්නට ඉඩ තිබූ බව ද ඔවුන් පෙන්වා දී තිබෙනවා.

ඒ අනුව මහ මැතිවරණයේදී එජාපයෙන්ද අලුත් මුහුණු රැසක් කරළියට පැමිණීම නියමිත අතර ඉනුදු වැඩි ප්‍රමාණයක් කැපී පෙනෙන සිංහල බෞද්ධ නායකයන්ට හිමිවීමට නියමිතය.

මේ අතර මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් ඉතා ඉක්මනින් පන්සල හා සමීප වීම කළ යුතු බවත් බෝධි පූජා වැනි ආගමික කටයුතු සංවිධානය කිරීම ආරම්භ කළ යුතු බවත් අවධාරණය වී තිබෙනවා.

(LNW)