පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා මහලේකම්වරයා වෙත භාරදුන් දුරකථන සංවාද පහළොස් දහසක් සහිත හඬපට පහ නිසි පරිදි ක‍්‍රියාත්මක නොවන බව පවසා රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා විසින් යළි රැගෙන ගොස් ඇතැයි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23 දා) ප‍්‍රකාශ කළේය.
රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා පෙරේදා සීඞී පට පහක් තමන් ඉදිරියේදීම පාර්ලිමේන්තු මහ ලේකම් වෙත භාරදුන් බවත්, ඒවා භාරගත් බවට මහ ලේකම්වරයා විසින් රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයාට ලදුපතක් ද ලබාදුන් බවත් හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
මෙම හඬපට තමන් ඉදිරියේදී භාරදුන් නිසා ඒ බව තමන් එම මොහොතේදීම සභාවට පැමිණ ප‍්‍රකාශ කළ බව පැවසූ මන්ත‍්‍රීවරයා එහෙත් මහ ලේකම්වරයා මෙම හඬපට සභාගත කිරීම සඳහා හැන්සාඞ් දෙපාර්තමේන්තුවට භාරදීමට ගෙනයද්දී ඒවා භාරදීමට අවශ්‍ය නැතැයි ද ඒවා එකක්වත් වැඩ කරන්නේ නැතැයි ද කියා රන්ජන් රාමනායක මහතා තමන්ට දැන්වූ බවද සඳහන් කළේය.
නියෝජ්‍ය කථානායකවරයා ඊයේ උදේ විශේෂ නිවේදනයක් නිකුත් කරමින් කිසිදු හඬපටයක් මෙතෙක් ලබාදී නැතැයිද ප‍්‍රකාශ කළ අතර හර්ෂ ද සිල්වා මහතා ඊයේ සවස මෙම පැහැදිලි කිරීම කළේය.
(Lanka Leads)