Wednesday, July 09, 2025
Follow Us
රන්ජන් සිරකුටියේ හුදෙකලා කරයි - කටහඬ පරීක්ෂණයත් කල් යයි

රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මහතාට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබේ. ඒ අනුව ඔහු සිටින සිරකුටියේ දොරටු වසා දමා ඒ දෙසට කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ලෙස තහනම් කලාපයක් බවට පත් කර තිබෙනවා.

රන්ජන් රාමනායක මහතා දිනකට දෙවරක් ව්‍යායාම කිරීම සඳහා පමණක් සිරකුටියෙන් පිටතට පැමිණෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර දුරකතන හඬපට සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලව රන්ජන් රාමනායක මහතා අද රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර එය ද කල්දමා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසන්නේ. නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් මත එය කල්දමා තිබෙනවා.

මීට පෙර අධිකරණය නියෝග කර තිබුණේ හඬපට සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණ සඳහා රන්ජන් රාමනායක මහතා කටහඬ පරීක්ෂණයක් සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසයි.

(LNW)