Wednesday, July 09, 2025
Follow Us
දිගම්බරම්- මනෝ වෙනම එයි

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලි සන්ධානය එක්සත් ජාතික පෙරමුණෙන් වෙන්ව තනිව තරග කිරීමට සූදානම් බව එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරයි.

ඒ සදහා වන තීරණාත්මක සාකච්ඡාවක් එළඹෙන සඳුදා දිනයේ සන්ධානයේ හවුල්කාර පක්ෂ සමඟ සිදුකරන බවද ඔහු කියා සිටියේය.

සියලු දිස්ත්‍රික්ක සඳහා තම සන්ධානය වෙනම තරග කිරීමට සූදානම් බවද ඒ සම්බන්ධයෙන් ද එදින තීරණය කරන බව ද ඔහු පැවසීය.

මැතිවරණ ප්‍රතිඵල මත ඉන් අනතුරුව සන්ධානය ගන්නා තීරණය ගැන සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියේය.

මාධ්‍ය වෙත ඊයේ දිනයේ අදහස් පළ කරමින් ඔහු මේ බව කියා සිටියේය.

මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ප්‍රගතිශීලි සන්ධානය පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් මහතාගේ නායකත්වයෙන් යුතු පක්‍ෂයද සාමාජිකත්වය දරයි.

(Lanka Leads)