Wednesday, July 09, 2025
Follow Us
ජයම්පතිගේ මන්ත්‍රීධූරය රත්නප්‍රියට

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පුඩු වූ මන්ත්‍රීධූරය සඳහා වෘත්තිය සමිති සහ සිවිල් සංවිධාන නියෝජිතයකු වන සමන් රත්නප්‍රිය මහතා නම් කළ බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යැවීමට පියවර ගෙන ඇති බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

සමන් රත්නප්‍රිය මහතා රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කරයි.

ජයම්පති වික්‍රමරත්න මහතා එක්සත් ජාතික පක්ෂ පත්කළ මන්ත්‍රීධූරයෙන් අස්වීමේ ලිපිය කතානායකරයා විසින් භාරගෙන ඇති බව කතානායක කාර්යාලය සඳහන් කළේය.

(Lanka Leads)