Sunday, September 08, 2024
Follow Us
මහ මැතිවරණයේදී මුස්ලිම් පක්ෂ එකම සන්ධානයකින්

එළැඹෙන මහ මැතිවරණයකදී මුස්ලිම් පක්ෂ එක් සන්ධානයක් යටතේ තරග කිරීම සඳහා වන සාකච්ඡාවක් පසුගියදා පවත්වා තිබේ. ඇමැති ධුරවලින් ඉවත් වූ බව පැවසූ මුස්ලිම් ඇමැතිවරු මෙම සාකච්ඡාවට එක් වී ඇතැයි වාර්තා වේ.

ඇමැති රිෂාඩ් බදුර්දීන්ට එරෙහිව එල්ලවී ඇති විරෝධය හමුවේ ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් ඇමැතිවරුන් පසුගියදා තනතුරුවලින් ඉවත්වන බව පැවසූහ. එම මැති ඇමැතිවරුන් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකදී පවසා ඇත්තේ ඊළඟ මහ මැතිවරණයේ දී එක් සලකුණක් යටතේ සන්ධානගතව තරග කළ යුතු බවටයි.

මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන දිස්ත්‍රික්කවලට තනිවම තරග කර හෝ ජය ගත හැකි බව එහිදී බහුතරයකගේ මතය වී ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් ඊට විරෝධය පළ කරමින් පවසා ඇත්තේ තමන්ට මැතිවරණයේදී මුස්ලිම් ජනතාව පමණක් නොව සිංහල හා දෙමළ ජනතාවද ඡන්දය ලබා දුන් බවයි.

(Lanka Leads)