මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් තමා වෙනම මැතිවරණයට ඉදිරිපත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. කුමන මතගැටුම් තිබුණද තමන් ශ්‍රීලනිපය අත්හැරීමට සූදානම් නොමැති බවත්, එහෙත් කිසිසේත්ම පොාහොට්ටුවට සම්බන්ධ වීමට බලාපොරොත්තුවක් නොමැති බවත් මන්ත්‍රීවරයා පවසනවා.
ශ්‍රීලනිපය තනිව මහ මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමා ශ්‍රීලනිපයෙන් තරග කිරීමට සූදානම් බවයි වෙල්ගම මහතා පවසන්නේ.
එහෙත් ශ්‍රීලනිපය පොහොට්ටුව සමග එකතු වන්නේ නම් නැවතත් තමාට පක්ෂයේ තීන්දුවට එරෙහිව යාමට සිදුවන බවත් එය කිසිසේත්ම එජාපයට එකතුවීමක් නොවන බවත් වෙල්ගම මහතා පෙන්වා දෙනවා. ඒ අනුව එකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් තමා මැතිවරණයට තරග කර ජයග්‍රහණය කරන බව ඔහු අවධාරණය කරයි.
මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරුන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදුජන පෙරමුණ පිහිටුවාගත් පසු එහි බදුල්ල දිස්ත්‍රික් නායකත්වයට පත් වූ වෙල්ගම මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතාට පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීමට විරෝධය පළ කරමින් නැවත ශ්‍රීලනිපයට එකතු විය. ශ්‍රීලනිපය ද ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට තීරණය කීරීමෙන් පසු වෙල්ගම මහතා ඊට විරෝධය දැක්වූ අතර අවසන් මොහොතේදී ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට පවා ඉදිරිපත් විය.
(LNW)