Wednesday, July 09, 2025
Follow Us
එස්.බී.​ගේ ප්‍රකාශයට දයාසිරිගෙන් රිදෙන්න උත්තර

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට මේ වන විට පොහොට්ටුවට එක්ව සිටින්නන් තමන් ශ්‍රීලනිපයේ නැති බව ප්‍රකාශ කළද අවසානයේ ඔවුනට ඡන්දය ජයග්‍රහණය කිරීමට සිදුවන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගේ කර උඩින් යැයි එම පක්ෂ මහලේකම් රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවැසීය.

ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් වූවත් එම පක්ෂයේ කිසිවෙක් ඔවුන් ගණන් නොගන්නා බවත් ඒ මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (21 වැනිදා) පැවැති මාධ්‍ය හමුවේදී මහලේකම්වරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට එස්.බී. දිසානායක ඇමැතිවරයා කර ඇති ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නොමැති බවට කිසිවකුට ප්‍රකාශ කිරීමට හැකියාවක් නැතැයි ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් නැති කිරීමට කිසිවකුට නොහැකි යැයිද කී මහලේකම්වරයා එලෙස ප්‍රකාශ කරන අය ගමේ ඡන්දය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයාගේ නිවසේ සිට යැයි ද සඳහන් කළේය.

(Lanka Leads)