ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොහොට්ටුවට හේත්තු වූ එස්.බී. දිසානායකට, ඩිලාන් පෙරේරාට දැන් යථාර්ථය අවබෝධ වී ඇති බවත්, ඔවුන් මේ වනවිට පොහොට්ටුවත් අහිමිව ශ්‍රීලනිපයත් අහිමිව අනාත වී ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි. පොදුජන පෙරමුණේ පාක්ෂියකයන්ගෙන් ඔවුන් ප්‍රතික්ෂේප වී ඇති බවයි ජයසේකර මහතා පවසන්නේ.
පොහොට්ටුවට හේත්තු වී, ශ්‍රීලනිපය ඉවරයි ශ්‍රීලනිපය ඉවරයි කියමින් මාධ්‍ය සාකච්ඡා පැවත්වූ එස්බීලා, ඩිලාන්ලා දැන් ශ්‍රීලනිපයේ විනය ක්‍රියාමාර්ග නතර කරන ලෙස ඉල්ලා ලිපි එවමින් සිටින බවත්, ඉවරයි කිවූ ශ්‍රීලනිපය තවමත් තිබෙන බව ඔවුන්ට පිළිගැනීමට සිදුව ඇති බවත් ශ්‍රීලනිප මහ ලේකම්වරයා පෙන්වා දෙනවා.
ශ්‍රීලනිපයෙන් ඉවත්ව පොදුජන පෙරමුණට එකතුවීමට අයිතිය තිබුණද ශ්‍රීලනිපය නැතැයි කීමට ඔවුන්ට අයිතියක් නොමැති බවද දයාසිරි ජයසේකර මහතා පවසනවා.
ඉදිරි මහ මැතිවරණයේදී පොදු සන්ධානයකින් තරග කරන්නේ නම් සමස්ත අපේක්ෂකයන්ගෙන් 1/3 ක ප්‍රමාණයක් ශ්‍රීලනිපයට හිමි වියයුතු බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රීලනිපය ලබාගෙන ඇති ඡන්ද ප්‍රතිශතය අනුව එම කෝටාව හිමිවන බවත් ලේකම්වරයා අවධාරණය කරනවා.
(LNW)