Wednesday, July 09, 2025
Follow Us
බැසිල් රාජපක්ෂගේ ලංකාගමනය දින නියමයක් නැතිව කල්යයි !

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාගේ දියණියගේ විවාහ උත්සවයට සහභාගී වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා මේ සතියේදී ශ්‍රී ලංකාවට පැමිණෙන බව මීට පෙර ප්‍රකාශ කර තිබුණු නමුත් යළිත් එය දින නියමයක් නොමැතිව කල්ගොස් ඇතැයි වාර්තා වේ.

සිය පවුලේ සාමාජිකයින් සමඟ කාලය ගතකිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටව ගියේ පසුගිය දෙසැම්බර් මුල් සතියේදීය.

නව රජය මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවකම ප්‍රශ්නවලට මුහුණ දී සිටින අතර ඒවාට විසඳුම් සෙවීමේදී බැසිල් රාජපක්ෂ මහතා නොමැති අඩුව ඔවුන්ට තදින්ම දැනෙමින් පවතී. එහෙත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට අදහස් කරගෙන සිටින්නේ මහමැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

කෙසේවෙතත් මේ වනවිට ඒ මහතා සිය පවුලේ සාමාජිකයින් ද සමඟ ඇමරිකාවෙන් පිටව වෙනත් රටක සංචාරයක නිරත වී සිටින බව ද ඒ සියල්ල අතරම ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිළිබඳ සියලුම තොරතුරු විමසමින් නිරන්තර අවධානයෙන් පසුවන බව ද වාර්තා විය.

බැසිල් රාජපක්ෂ යනු සාමාන්‍ය දේශපාලනඥයින්ගෙන් වෙනස් ලෙස තමන්ට කෙටි පණිවිඩ 100ක් ලැබී ඇත්නම් ඒ 100ටම පිළිතුරු සපයන පන්නයේ පුද්ගලයකු වන අතර ඔහු අති දක්ෂ සංවිධායකයකු වීමට එය ද බලපා තිබේ.

(LNw)