Monday, January 19, 2026
Follow Us
රාජිත ලැයිස්තුවෙන් – එළඹෙන මහ ඡන්දෙට බිරිඳ කළුතරින් – චතුර ගම්පහින් තරඟ බිමට

2020 අප්‍රේල් මස පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී හිටපු අමාත්‍ය දොස්තර රාජිත සේනරත්න මහතා තරග නොකිරීමටත් ඒ වෙනුවට සිය බිරිඳ වන සුජාතා සේනාරත්න මහත්මිය තරග කිරීමටත් තීරණය කොට තිබේ.

සේනාරත්න මහත්මිය තරඟ කිරීමට බලාපොරොත්තු වන්නේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානගත පක්ෂ එක්ව ගොඩනැගීමට නියමිත ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණෙන් කළුතර දිස්ත්‍රික්කය සඳහාය.

රාජිත සේනාරත්න මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ඒමට බලාපොරොත්තුවෙන් සිටියි.

සේනාරත්න මහතාට මේ වන විට චෝදනා රැසක් එල්ල වෙමින් තිබෙන අතර ඔහු සිටින්නේ අධිකරණයේ ඇප මතය.

මේ දෙපළගේ පුත්‍රයා වන ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා මෙම සන්ධානය තුළින් එම දිස්ත්රික්කයෙන්ම තරග කිරීමට සුදානමින් සිටියි.

(Lanka Leads)