Monday, January 19, 2026
Follow Us
පොහොට්ටු සන්ධානයේ නාමයෝජනා වලින් තුනෙන් එකක් අපට ඕනෑ - ශ්‍රීලනිප

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව බිහිකළ නව සන්ධානයේ නාමයෝජනා ලැයිස්තුවෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමිවිය යුතු බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා පවසයි.

"පසුගිය ජනාධිපතිවරණයේදී අපි සියලු දෙනාම එකඟතාවකට ආවා, අපෙ පක්ෂ අතර එකඟතාවක් ගිවිසුමක් අත්සන් කළා තුනෙන් එකක කොටසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන්න. ඒ පදනමින් තමයි සියල්ල බෙදන්න සාකච්ඡා කරලා අපි එකඟතාවකට ආවෙ. ඊට අනුව තමයි අපි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වීරකුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (19) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

(LNW)