Wednesday, July 09, 2025
Follow Us
"රනිල්-සජිත්-කරූ" අද අවසන් තීරණයක් ගනී

එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා, කථානායක කරූ ජයසූරිය මහතා සහ විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද (20) පැවැත්වීමට නියමිතයි.

ඒ, එක්සත් ජාතික පක්‍ෂයේ පවතින නායකත්ව අර්බුදය සම්බන්ධයෙන්. බොහෝ දුරට අද දිනයේදී මෙම ගැටලූවට විසඳුමක් ලබාගත හැකි වනු ඇතැයි පක්ෂයේ මන්තී‍්‍රවරුන් විශ්වාසය පළ කරනවා.

කෙසේවෙතත්, එළඹෙන මහමැතිවරණයට තරග කිරීමේදී එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය බලපෑමක් එල්ල නොකරන බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර අජිත් මාන්නප්පෙරුම ඊයේ (19) කියා සිටියේ.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර හේෂා විතානගේ සඳහන් කළේ අද ලැබෙන තීරණය කුමක් වුව ද, එළඹෙන මහමැතිවරණය වෙනුවෙන් දැනටමත් සැලසුම් සකස් කර අවසන් බවයි.

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ගොඩනැගෙන නව සන්ධානයේ ජනරැළි මාලාව ලබන බ‍්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ, ඉදිරි මහමැතිවරණය ඉලක්ක කර ගනිමින්.

මේ අතර විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයින් කිහිප දෙනෙකු කථානායක කරු ජයසූරිය මහතා හමු වී ඉකුත් දා විශේෂ සාකච්ඡාවක ද නිරත වී ඇති බවයි දේශපාලන ආරංචි පැවසුවේ.

(Neth)