අවශ්‍ය නම් පක්ෂය සමග යළි සාකච්ඡා කර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායකට අත්තනගල්ල ආසන සංවිධායක ධුරය ලබාගත හැකි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. ඇය සංවිධායක ධුරයෙන් ඉවත් කරමින් විනය සම්බන්ධයෙන් මධ්‍යම කාරක සභාව ගත්තේ වැදගත් තීන්දුවක් බව ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි.
ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට සහාය දැක්වීමට තීන්දුවක් ගෙන තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය ස්ථාපිත කර එක්සත් ජාතික පක්ෂයට සහාය දැක්වීම අනුමත නොකරන බව ඔහුගේ අදහස වේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායක ධුරයෙන් හිටපු ජනාධිපතිනිය ඉවත් කර රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න පත් කිරීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව පසුගියදා පියවර ගන්නා ලදී.
(Aruna)