ප්‍රධානතම ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන තුනෙන් දෙකක්ම මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක ලෙස ශ්‍රේණිගත කර ඇති අතර පවතින තත්වය අනුව ඉතිරි ආයතනයත් නුදුරේදීම එම පියවර අනුගමනය කරනු ඇති බවත් ඒ අනුව, ඉදිරියේදී විදෙස් ණය ලබාගැනීමට යාමේදී ශ්‍රී ලංකාවට ගැටළුවලට මුහුණ පෑමට සිදුවනු ඇති බවත් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දෙයි.
"ගිය සතියේ ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර්ස් ( S&P ) කියන ලෝක ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය ලංකාවේ ඉදිරි දැක්ම සෘණාත්මක කළා. මීට සති තුනකට කලින් ෆිච් ආයතනයත් සෘණාත්මක කළා. එතකොට තව ඉතිරි වෙලා තියෙන්නෙ එකයි, මූඩීස් ආයතනය. ඒකත් බොහෝ දුරට මේ දේම එන සතියේ හෝ ඊළඟ සතියේ කරන්න ඉඩ තියෙනවා.
රජයට එක්කෝ බදු නැවත වැඩි කරන්න වෙනවා, නමුත් තුනෙන් දෙක ගන්න බලාපොරොත්තුව නිසා ඒක කරන්න බැරි වෙනවා. විදේශ ණය ලබාගන්න වෙනවා, ඒක වැඩි පොළියක් ගෙවන්න වෙනවා ශ්‍රේණිගත කිරීමේ අවුල නිසා. මහබැංකුව කියලා තියෙනවා කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට තවත් ණය සහනත් දෙනවා කියලා. ඒ ණය සහන ලබාදෙන එකේ ගැටළුවක් නෑ, ඒත් එහෙම ණය සහන ලබාදෙනකොට බැංකු ක්ෂේත්‍රයේ යම් යම් අර්බුදවලට මුහුණ පාන්නට සිද්ධ වෙනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ලංකාව අත්සන් කරලා තියෙන්නෙ ගිවිසුමක්. ඒකෙ වාරික හතක් අරගෙන තියෙනවා, අටවෙනි එක ගන්න තියෙනවා. එන්න කලින් කිව්වෙ 'මෙව්වා ඉරලා දානවා මෙව්වයින් අපට වැඩක් නෑ අයි. එම්. එෆ්. එක අපට අදාළ නෑ' කියලා. අයි. එම්. එෆ්. එකට දැන් කියනවා 'හෝව් හෝව් හෝව් හෝව් ... සොරි සොරි සොරි. පොඩි වැරදීමක්. අපි ඔබලත් එක්ක නැවතත් මේ ගනුදෙනුව ඉස්සරහට අරගෙන යනවා' කියලා.
දැන් කාට කාටත් තේරෙනවා දේශපාලන වේදිකාවේ කොයි කොයි දේවල් කිව්වත් ආර්ථික කළමනාකරණය ගැන යතාර්ථය තමයි මේ කට්ටිය මේ බැඳීම්වලට සම්බන්ධ වෙලා ඉන්න ඕනෙ කියන එක." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (19) විපක්ෂ නායක කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
(LNW)