Monday, January 19, 2026
Follow Us
විමල්ගේ ආරාධනයෙන් ජනපතිගේ ආශිර්වාදයෙන් ඡන්දයට ඉදිරිපත් වෙනවා - අර්ජුන කමලනාත්

තමන් ඉදිරි මහමැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගාල්ල දිස්ත්‍රික්කය සඳහා තරගවදින බව සිනමා නළු අර්ජුන කමලනාත් මහතා ඊයේ (19) නිවේදනය කළේය.

"ජාතික නිදහස් පෙරමුණේ විමල් වීරවංශ මැතිතුමාගේ ආරාධනයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට මම ඉදිරිපත් වෙනවා" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

අර්ජුන කමලනාත් මහතා මේ බව පැවසුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

(LNW)