ඉදිරි මහමැතිවරණයේදී වව්නියාව දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලබාදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මේ වනවිටත් වව්නියාවට ගොස් විශාල වැඩ කොටසක් ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසයි.
නුවර එළිය දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවීම තමන්ට පැවරී ඇති බව පැවසූ ඒ මහතා සියලු දෙනාම එකතු වී එම ජයග්‍රහණය ලබාගෙන එම ශක්තිය ජනපතිට සහ අගමැතිට ලබාදිය යුතු බවයි අවධාරණය කළේ.
"අද අපි සියලු දෙනාටම මේ රටේ නායකත්වය සපයන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ. පහුගිය ජනාධිපතිවරණයේ ඡන්දය අපි ආසනවලට දැම්මොත් අපට තියෙන්නෙ ආසන 127යි. මේක 150ක් කරගන්න ඕනෙ.
127, 150ට ගෙනියන්න අපට පැරදිච්ච දිස්‍ත්‍රික්ක දෙකක් දිනන්න පුළුවන්. එකක් තමයි නුවර එළිය. අනිත් එක තමයි වව්නියාව.
වව්නියාව අද නාමල් රාජපක්ෂ මැතිතුමා ඇතුළු කණ්ඩායමක් ගිහිල්ලා විශාල ලෙස වැඩ පටන් අරන් තියෙනවා වව්නියාව දිනන්න. මාව හඟුරන්කෙතට ගෙනල්ලා දාලා නුවර එළිය බාරදුන්නෙ නුවර එළිය දිනපං කියලා. අපි සියලු දෙනාම එකතු වෙලා අපි නුවර එළිය ජයග්‍රහණය කරලා ඒ ශක්තිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂටත් අගමැති මහින්ද රාජපක්ෂටත් දිය යුතුයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (18) හඟුරන්කෙත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.
(LNW)