Wednesday, July 09, 2025
Follow Us
මහ මැතිවරණයේදී මහින්ද කොළඹට එයි ?

ඉදිරි මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වන්නැයි මහින්ද අමරවීර අමාත්‍යවරයාට යෝජනාවක් ඉදිරිපත්ව තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ඔහු නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙනි.

කොළඹ දිස්ත්‍රික්කය සඳහා ශක්තිමත් නායකත්වයක් නොමැති වීම නිසා මෙම යෝජනාව ඉදිරිපත්ව තිබේ.

කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීලනිප ආසන සංවිධායකවරුන් රැසක් මේ සම්බන්ධයෙන් පක්ෂයට යෝජනා කර ඇති අතර කෙසේ වෙතත් මහින්ද අමරවීර මහතා මේ වනතෙක් ඒ සඳහා ප්‍රතිචාර දක්වා නොමැත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා ද වන මහින්ද අමරවීර මහතා මේ වනවිට ශ්‍රීලනිප හම්බන්තොට දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.

 

(LNW)