දරාගැනීමට නොහැකි මට්ටමේ ඉහළ බඩුමිල නිසා ජනතාව දැඩි පීඩනයකට පත්ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
සති පොළවලට ගොස් ජනතාවගෙන් විමසන්නේ නම් ඇත්ත තත්වය දැනගැනීමට හැකි බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.
"විශේෂයෙන්ම ජනතාවට මුහුණ දෙන්න බැරි ඉහළ බඩුමිලක් නිසා ජනතාව පීඩනයට ලක්වෙලා සිටිනවා. අපි දැක්කා, අපි ඇහුවා පසුගිය දවසක දකුණු බලප්‍රදේශයේ මංකොල්ල කෑමකුත් සිද්ධ වෙනකොට - මංකොල්ල කාලා තියෙන්නෙ මේ එළවලු කඩයක්. එයින්ම අපට යම්දුරකට හිතාගන්න පුළුවන් මිනිස්සු බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නෙ කියලා.
සතියකට දෙවතාවක් හෝ පොළ ස්ථානවලට තමුන්නාන්සෙලා ගිහිලා ජනතාවගෙන්ම ප්‍රශ්න කළොත් දුකද, සැපද, සනීපද, හොඳද කියලා .. මං හිතන්නෙ අපි උත්තර දෙනව වැඩිය ජනතාවම ඒවට පිළිතුරු දෙයි" යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ ඊයේ (17) අමරපුර නිකායේ මහනායක හිමියන් බැහැදැකීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
(LNW)