පක්ෂයේ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු අද (18) ශ්‍රීලනිප විනය කමිටුව හමුවට කැඳවා තිබෙනවා. ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ ශ්‍රීලනිපයේ සාමාජිකත්වය දරමින් සිටියදී වෙනත් දේශපාලන පක්ෂවලට සම්බන්ධ වීමයි.
මේ වනවිට රජයට සම්බන්ධ වී රාජ්‍ය අමාත්‍ය ධුර දරන එස්.බී. දිසානායක මහතා සහ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විනය කමිටුවට කැඳවා ඇති අතර මීට අමතරව රජය නියෝජනය කරන ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සහ එජාපයට එක්ව සිටින විජිත් විජයමුණි සොයිසා මන්ත්‍රීවරයා ද විනය කමිටුව හමුවට කැඳවා තිබේ.
අද පැවැත්වෙන විනය කමිටුව හමුවේදී අදාල මන්ත්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දී ඇති අතර ඉන් අනතුරුව ඒ් පිළිබඳව පක්ෂ මධ්‍යම කාරක සභාවට කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.
කෙසේ වෙතත් අදාල මන්ත්‍රීවරුන් විනය කමිටුව හමුවට පැමිණෙන්නේද යන්න සම්බන්ධයෙන් තවමත් වාර්තා වී නොමැත.
(LNW)