හිටපු ජනාධිපති, ශ්‍රීලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි මහ මැතිවරණයේදී පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට තීරණය කර තිබේ. අද පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේ හිටපු ජනාධිපතිවරයා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන බවයි.
ශ්‍රීලනිපය ඉදිරි මැතිවරණයේදී පොදුජන පෙරමුණ සමග සන්ධානගතව තරග කරන අතර ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අපේක්ෂකයන් ඉදිරිපත් කරන බව මහ ලේකම්වරයා පවසයි.
ශ්‍රීලනිප පාර්ශ්වයනේ තරග කිරීම සඳහා උගතුන්, බුද්ධිමතුන් සිය ගණකගෙන් අයදුම්පත් ලැබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී සලකා බලන බවත් දයාසිරි ජයසේකර මහතා පවසනවා. සුසුදු අපේක්ෂකයන් තෝරා ගැනීම සඳහා ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාගේ ප්‍රධානත්වයෙන් තේරීම් මණ්ඩලයක් ද පත්කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
(Lnw)