Tuesday, July 08, 2025
Follow Us
රනිල් පිලේ සිටි ෆොන්සේකාත් රනිල්ව අතහරියි!

බහුතර එකඟතාව මත සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ ඉදිරි මැතිවරණ කටයුතු ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කළේය.

ඒ, ඊයේ රාත්‍රියේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රනිල් වික්‍රමසිංහ මහතාගේ තීරණය කුමක් වුවත් ඉදිරි මැතිවරණ කටයුතු සිදු කරන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ බවයි ඔහු කියාසිටියේ.

සාකච්ජාව තුළ රනිල් වික්‍රමසිංහ මහතා රැඳී සිටියද අවශ්‍ය තීරණය ඔහු වෙතින් ප්‍රකාශ නොවුණු නිසා බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණයක් ගත් බවයි හෙතෙම පැවසුවේ.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන්ව සිටිමින් පුළුල් සන්ධානයක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වන බව සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(LNW)