Wednesday, July 09, 2025
Follow Us
MCC ගිවිසුම හදලා ඇමරිකාවට යවලා තියෙන්නෙත් එජාපයයි - බන්ධුල

ජනතාවගේ අභිලාෂයන්ට පටහැණි ලෙස තම පක්ෂයේ හිතවතුන් කිහිපදෙනෙකුගේ වුවමනාව පරිදි මිලේනියම් චැලේන්ජ් කෝපරේශන් ගිවිසුම සකස් කර ඇමරිකාවට ඉදිරිපත් කර ඇත්තේ ද එක්සත් ජාතික පක්ෂය විසින් බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණි ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රික නිලධාරිනිය MCC ගිවිසුම සම්බන්ධයෙන් රජයට කිසිදු බලපෑමක් සිදු නොකළ බවත් ඒ මහතා සඳහන් කළේය.

"කිසිම බලකිරීමක් කරලා නෑ. එම්සීසී ගිවිසුම අත්හිටුවලා තියෙනවා රජය විසින්. ඇමරිකානු තානාපති රාජ්‍ය ලේකම්තුමිය පවසලා තියෙනවා දෙරටේම ජනතාවගේ අභිලාෂයන්ට පටහැණි කිසිම ගිවිසුමක් ක්‍රියාත්මක නොවන බව. ඉතිං ඒක සුබදායී තත්වයක්.

මේ එක්සත් ජාතික පක්ෂය විසින් ජනතාවගේ අභිලාෂයන්ට පටහැණි වන ආකාරයට ඒ පක්ෂයේ හිතවතුන් කිහිප දෙනෙක් විසින් හදලා ඇමරිකා එක්සත් ජනපදයට ඉදිරිපත් කරපු යෝජනාවලියක් අනුව තමයි මේ ගිවිසුම ඇතිවෙලා තියෙන්නෙ" යනුවෙනුයි ඒ මහතා ප්‍රකාශ කළේ.

බන්ධුල ගුණවර්ධන අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

(LNW)