Monday, January 19, 2026
Follow Us
රන්ජන්ව වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද (16) ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මන්තී‍්‍රවරයා මේ වනවිට රඳවා සිටින්නේ මැගසින් බන්ධනාගාරයේ ‘‘පී’’ වාට්ටුවේයි. ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කිරීමටයි මන්තී‍්‍රවරයා මෙලෙස බන්ධනාගාර වෛද්‍යවරයෙකු වෙත අද යොමු කෙරෙන්නේ.

නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා වෙත ඊයේ (15) ඉදිරිපත් කෙරුණු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක ලබන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණා.

කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මන්තී‍්‍රවරයා අත්අඩංගුවට ගෙන මෙලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ අධිකරණ විනිසුරුවරුන්ගේ රාජකාරියට බලපෑම් කිරීම සම්බන්ධයෙන්.

හඬ පරීක්ෂාවක් සඳහා රන්ජන් රාමනායක මන්තී‍්‍රවරයා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස ද නුගේගොඩ මහේස්ත‍්‍රාත්වරයා, බන්ධනාගාර කොමසාරිස්වරයාට ඊයේ නියෝග කළා.

(neth)