Monday, November 17, 2025
Follow Us
අවුරුදු 25ක් හිටියා ඇති. රනිල් යා යුතුමයි ! - ෆොන්සේකා

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් විය යුතුමය යන ස්ථාවරයෙහි තමන් සිටින බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ හැට ගණනක් අතරින් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කරන්නේ 12 - 13ක් වැනි පිරිසක් පමණක් බවයි ඒ මහතා සඳහන් කළේ.

"වර්තමාන නායකයා අවුරුදු 25ක් දැන්. එතුමා යා යුතුයි කියන මතයේ මං පුද්ගලිකවත් ඉන්නවා. මන්ත්‍රීලා ඉන්නවා හැට ගාණක්. එයින් මං හිතන්නේ 12ක් 13ක් විතර කියනවා එතුමා ඕනේ කියලා. අනිත් ඔක්කොම කියන්නේ නායකත්වය මාරු වෙන්න ඕනේ, එතකොට සජිත් ප්‍රේමදාස තමයි විකල්පය කියලා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

සරත් ෆොන්සේකා මහතා මේ බව පැවසුවේ ඊයේ (15) මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

(LNW)