Monday, January 19, 2026
Follow Us
මහ ඡන්දෙදි ගන්න තීරණ ගැන කතා කරන්න ශ්‍රීලනිපය හෙට විශේෂ හමුවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව පක්ෂයේ සභාපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්හෙට(16) පස්වරු 7 ට පක්ෂ මුලස්ථානයේ දී රැස්වීමට නියමිතය.

පවතින දේශපාලන තත්ත්වය, පක්ෂයේ ඉදිරි ක‍්‍රියාමාර්ග මෙන්ම ඉදිරි මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපය ක‍්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව එහි දී සාකච්ඡා කිරීමට නියමිත බව එම පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී වීර කුමාර දිසානායක මහතා පැවැසීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලැබු ජනවරම මහමැතිවරණයේ දී තව දුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද එහි දී සාකච්ඡා කරන බව ද හෙතෙම කියා සිටියේය.

ඒ සඳහා ගත යුතු කි‍්‍රයා මාර්ග මෙන්ම එහි දී ශ්‍රීලනිපය මෙන්ම වත්මන් ජනාධිපතිවරයා මුහුණ දෙන අභියෝග පිළිබඳව ද සාකච්ඡා කරන බව ද දිසානායක මහතා කීය.

වීරකුමාර දිසානායකමහතා මේ අදහස් පළකලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ අද (15) පැවති මාධ්‍ය හමුවේ දීය.

(Lanka Leads)