විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවීමට සූදානම්වන නව දේශපාලන ව්‍යාපාරය සඳහා එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරුන්ගෙන් සීයයට 70ක් පමණ එකඟ වී ඇතැයි වාර්තාවනවා.
පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය හෙට (16) දිනයේ දී පිළිතුරක් ලැබෙනු ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ. එසේ නොහැකි වුවහොත් සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් නව දේශපාලන ව්‍යාපාරයක් ආරම්භ කිරීම අනිවාර්ය බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ පවසනවා.
ඒ සඳහා දැනට එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් බහුතරයකටත් වඩා වැඩි පිරිසක් එකඟතාවය පළකර ඇති බවයි මන්තී‍්‍රවරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ ඉදිරි මහ මැතිවරණය වෙනුවෙන් ගම් මට්ටමෙන් වැඩසටහන් ආරම්භ කිරීමට නම් පක්ෂයට ස්ථිර නව නායකත්වයක් අවශ්‍ය බවයි.
ජනාධිපතිවරණයේ දී සිදුවූ අඩුපාඩුකම් මගහරවා ගෙන සැලසුම් සහගතව ඉදිරි මහ මැතිවරණයට මුහුණ දීම මූලික අරමුණ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ නෙත් නිවුස් වෙත කියා සිටියා.
පක්ෂයේ බහුතරයකගේ අදහස වන්නේ සජිත් පේ‍්‍රමදාස මහතාට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය හිමි විය යුතු බව යැයිද මන්ත‍්‍රීවරයා පවසනවා.
යම් හෙයකින් බෙදීමක් ඇති වුවහොත් ඡන්ද විමසීමක් වුවද පැවැත්වීමට සිදුවිය හැකි බවයි ප‍්‍රකාශ කෙරුණේ. කුමන ආකාරයෙන් හෝ පක්ෂයෙන් ඉවත් නොවී සජිත් පේ‍්‍රමදාස මහතාගේ නායකත්වයෙන් ශක්තිමත් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය ජයග‍්‍රාහී මාවතට ගෙන ඒම සියලූ දෙනාගේ බලාපොරොත්තුව බව ද පාර්ලිමේන්තු මන්ත‍්‍රී අශෝක් අබේසිංහ සඳහන් කළා. කෙසේ වෙතත් සජිත් පේ‍්‍රමදාස මහතාට නායකත්වය හිමි නොවන්නේ නම් තවදුරටත් පක්ෂය පිළිබඳ විශ්වාසය තැබිය නොහැකි බවයි ඔහු පැවසුවේ.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ පක්ෂ නායකත්වය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ රනිල් වික්‍රමසිංහ මහතාගේ දැනුමෙන් පක්ෂය තවදුරටත් ප්‍රයෝජන ගත යුතු බවයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් හෙට දිනයේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.
(Neth)