Sunday, September 08, 2024
Follow Us
සජිත් නොවෙයි සක්‍රයා යූ.එන්.පී.යෙන් ඉල්ලුවත් පරදිනවා

සජිත් ප්‍රේමදාස නොව සක්‍රයා යූ.එන්.පී. එකෙන් ජනාධිපතිවරණයට තරග කළත් උරුම වන්නේ පරාජය යෑයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා zදිවයිනZට ඊයේ (7 වැනිදා) පැවසීය.

මීළඟ ජනාධිපතිවරණයට එක්‌සත් ජාතික පක්‌ෂයෙන් ඉදිරිපත් වන්නේ සජිත් ප්‍රේමදාස මහතා යෑයි කැබිනට්‌ නොවන ඇමැති අජිත්. පී. පෙරේරා මහතා කර ඇති ප්‍රකාශය පිළිබඳව අදහස්‌ දක්‌වමින් ගම්මන්පිල මහතා මේ බව කීවේය.

මේ යූ.එන්.පී. ආණ්‌ඩුව අවුරුදු හතරහමාරක්‌ තිස්‌සේ ජනතාවට දුන් දුක කියා නිම කරන්න බෑ. ජනතාව මැතිවරණයක්‌ එන තුරු බලා ඉන්නේ යූ.එන්.පීය පරාජය කරන්නයි. එන්නේ රනිල් ද, සජිත් ද, කරු ද කියන එක අදාළ නෑ. මොන යූ.එන්.පී.කාරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණත් පරාජය කරන්න ජනතාව දැනටමත් පෙළ ගැසිලා ඉවරයි. සජිත් කියන්නේ රටට මේ අඳුරු ඉරණම අත්කර දුන් එජාපයේ දීර්ඝ කාලීන නියෝජ්‍ය නායකයා. ඔහුත් රටේ ජනතාව මුහුණ දුන් අඳුරු තත්ත්වයට වගකිව යුතුයි. මොන යූ. එන්. පී.කාරයා ජනාධිපතිවරණයට ආවත් දැවැන්ත පරාජයක්‌ උරුම වෙනවා සිකුරුයි. ‘‘කිරෙන් බැද්දත් කොබෙයියා, තෙලෙන් බැද්දත් කොබෙයියා, කිරෙන් බැද්දත් තෙලෙන් බැද්දත් කොබෙයියා බොල කොබෙයියා‘‘ කියා කතාවක්‌ තියෙනවා. ඒ නිසා එජාපයේ මොන නායකයාගෙන්වත් රටට සුබවාදී අනාගතයක්‌ ඇති නොවන බව ජනතාව දන්නවා. මොන යූ.එන්.පී නායකයාටත් උරුමය පරාජයයි යෑයි ද ගම්මන්පිල මහතා කීවේය.

(Lanka Leads)