Friday, October 18, 2024
Follow Us
එජාපයෙන් ජනාධිපතිවරණයට එන්නේ රනිල්, කරූ හෝ සජිත්

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කරන්නේ රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය හෝ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් තිදෙනාගෙන් එක් අයකු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

මේ අය අතරින් එක් අයකු මිස පිටින් කිසිවකු ඉදිරිපත් නොකරන්නේයැයි පැහැදිලි බවයි ඒ මහතා සඳහන් කළේ.

රනිල් වික්‍රමසිංහ, කරූ ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන අය ඉදිරියේදී නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති, අගමැති සහ කථානායක යන තනතුරුවලට පත්වන බව පැවසූ ඒ මහතා ඒ ඒ තනතුරු සඳහා සුදුසු කවුරුන් ද යන්න එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් තීරණය කරනු ඇති බවත් ප්‍රකාශ කළේය.

එසේම ඒ සඳහා තව කල් තිබෙන බවත් ඒ මහතා සිහිපත් කළේය.

හේෂා විතානගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)