ඉදිරි මහමැතිවරණයේදි කිසිදු පක්ෂකයට තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතර බලයක් ලබා නොදෙන ලෙස හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.
"ඔය තුනෙන් දෙකේ කතාව බොරු. තුනෙන් දෙකක් ඒගොල්ලොන්ට ගන්න බෑ. මේ බලය ඇති නේ, මේ බලය ඇති. තවත් මොකක්ද මීට වැඩිය බලයක් ? තවත් මොකටද බලයක් ? මේ බලය ඇති !
එක පුද්ගලයකුට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගියොත් ආඥාදායකත්වය රජකරනවා. ඒකාධිපතිකම රජකරනවා. ප්‍රජාතන්ත්‍රවාදය අතුරුදහන් වෙනවා. ඉතිං වැඩක් නෑ ඒක.
ජනතාවට පණිවිඩයක් දෙන්නේ, කිසිම පක්ෂයකට, කිසිම කල්ලියකට කණ්ඩායමකට තුනෙන් දෙකක බලයක් දෙන්න එපා. දුන්නොත් ඒකෙන් වෙන්නෙ මහා විනාශයක්. දැන් පේනවනෙ ... එන්. එම්. පෙරේරා මැතිතුමා කිව්වා පිස්සෙක් ජනාධිපති වුණොත් මොකද වෙන්නේ කියලා. කිව්වද ? ඒ වගේ ආඥාදායකයෙක් රජවුණොත් ? ඒක නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා." යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
මර්වින් සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (13) මහනුවරදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.
(LNW)