පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි, හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ මධ්‍යම රාත්‍රියේදී එම රෝහලෙන් පිටව ගොස් තිබේ. ඔහු දින 19 ක් පමණ අදාල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී සුදුවෑන් භීෂණය සම්බන්ධයෙන් පැවැත්වූ මාධ්‍ය හමුව පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කළ අතර ඊට අදාල රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කළේය. කෙසේ වෙතත් එම නියෝගයෙන් දින දෙකකට පසුව රාජිත සේනාරත්න මහතා රෝහල්ගත වූ අතර ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට පත් වූ රාජිත සේනාරත්න මහතා දෙසැම්බර් 30 වැනිදා ඇපමත මුදා හැරිණි.
ඔහු ඇපමත නිදහස් කිරීමට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ඇප සංශෝධන අයදුම්පතක් ගොනුකළ අතර එම අයදුම්පත ලබන 17 වැනිදා සලකා බැලීමට නියමිතය. එදින මහාධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි රාජිත සේනාරත්න මහතාට නොතීසි නිකුත් කර තිබේ.
(LNW)