Monday, January 19, 2026
Follow Us
එජාපය කළේ තනිකර බොරුවක් – එස්.එම් චන්ද්‍රසේන

පසුගිය යහපාලන ආණ්ඩුව විසින් සිදු කළ ව්‍යවස්ථා සංශෝධන හේතුවෙන් කිසිදු ජන කොටසකට සෙතක් සැලසී නොමැති බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන බවට කියමින් එක්සත් ජාතික පක්ෂය විසින් බොරුවක් කළ බව අමාත්‍යවරයා පැවසීය.

එක්සත් ජතික පක්ෂය ප්‍රමුඛ පසුගිය ආණ්ඩුව මෙරට සිටින සියලු ජාතීන් මුලා කරමින් කාලය ගත කරමින් සිටි බව අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතා වැඩිදුරටත් පැවසීය.

(Lanka Leads)