පක්ෂයේ විනය කඩකර ඇති බවට චෝදනා එල්ල වී ඇති පක්ෂ සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම මහ මැතිවරණයට පෙර අවසන් කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි. විශේෂයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ගන්නා විනය ක්‍රියාමාර්ග සියල්ල මහ මැතිවරණයට පෙර අනිවාර්යෙන් අවසන් කිරීමට බලාපොරොත්තු වන බවයි ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසන්නේ.
පසුගිය කාලයේදී පක්ෂ විනය කඩ කරමින්, වෙනත් පක්ෂවලට සහයෝගය දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පසුගිය ජනාධිපතිවරණයේදී පක්ෂයේ තීරණයට පිටින් යමින් වෙනත් අපේක්ෂකයන්ට සහයෝගය දැක්වූ මහජන නියෝජිතයන් ඇතුළු පක්ෂ සමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදාල වාර්තා පක්ෂයේ මධ්‍යම කාරක සභාව වෙත යොමු කරන බවද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයා පවසයි.
මධ්‍යම කාරක සභාවේ අනුමැතිය හිමිවීමෙන් පසුව ඔවුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඔහු පවසනවා.
එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දක්වමින් පසුගිය රජයට එක් වූ ඒ.එච්.එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත හා මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇති බවත් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඒ අනුව ඉදිරියේදී ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වන බවත්, තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මන්ත්‍රී ධුර අහෝසි වීමට නියමිත බවත් ඔහු අවධාරණය කරයි.
(LNW)