Tuesday, July 08, 2025
Follow Us
මහමැතිවරණයෙන් තුනෙන් දෙක නොලැබුණොත් සහන දෙන්න වෙන්නෙ නෑ - ප්‍රසන්න

ඉදිරි මහමැතිවරණයේදී තුනෙන් දෙකක බලයක් ලබාගැනීමට ආණ්ඩුවට නොහැකි වුවහොත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් ලැබුණු වාසිය ජනතාවට ලබාදීමට නොහැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මේ වසර සඳහා අයවැයක් හෝ ඉදිරිපත් නොකර මෙම ආණ්ඩුව පවත්වාගෙන යන්නේ ඉතාමත්ම අසීරුවෙන් බව පැවසූ ඒ මහතා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති තනතුරට පත්වූ වහාම තමන් ආණ්ඩුවක් පිහිටුවා ගත්ත ද තමන්ට පාර්ලිමේන්තුව තුළ බහුතර බලයක් හෝ නොමැති බවයි පෙන්වා දුන්නේ.

ඒ අනුව ජනතාව අපේක්ෂා කළ වෙනස සිදුකිරීමට දුෂ්කරතාවන් පවතින නමුත් හැකි අයුරින් වෙනස සිදුකරමින් පවතින බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර, රටට අහිතකර අණපනත් සංශෝධනය කර ජනතාව පැතූ වෙනස සිදු කිරීමට නම් අනිවාර්යයෙන්ම මහමැතිවරණයේදී තුනෙක් දෙකක බහුතර බලයක් ලබාගත යුතු බවත් එසේ නොවුණුහොත් ජනතා අපේක්ෂාවන් ඉටු කිරීමටත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති වීමේ වාසිය ජනතාවට ලබාදීමටත් නොහැකි බවත් ඒ මහතා අවධාරණය කළේය.

ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මේ බව පැවසුවේ සිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති පළාත් පාලන නියෝජිතයින්ගේ රැස්වීමක් අමතමිනි.

(LNW)