Tuesday, July 08, 2025
Follow Us
ගෝඨාභය ගැලපෙන්නේ මට..අඳින්නෙත් එකවගේ..නරකද අගමැති ලෙස මම පත්කළොත්? – සජිත්

රට ගොඩනැගීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඔහු සමඟ එක්ව කටයුතු කිරීම තමාට ගැටලුවක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුව් කැස්බෑවේ පැවති ජනහමුවක් අමතමින්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ජනහමුවක් ඊයේ පස්වරුවේ කැස්බෑව නගරයේදී පැවැත්වුණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේ ද පැවසීය.

“සියලු පාර්ශ්ව එකතු කරන් ජයග්‍රාහී ගමන යනවා. අපි පක්ෂය ආරක්ෂා කරනවා. පක්ෂය කඩලා තනතුරු ගන්න සූදානම් නෑ.

ඉදිරි මැතිවරණයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙනවා.

නරකද අපේ පාර්ශ්වයෙන් අගමැති පත් කළොත්?

මම ලෑස්තියි ජනපති සමඟ වැඩ කරන්න. දෙන්නම අඳින්නෙත් එක විදියටනේ..

කරන දේවල්වල මහා පරස්පරයක් දකින්නේ නෑ.

දෙගොල්ලෝ එකතුවෙලා රට හදන්න ලෑස්තියි.”

(Lanka Leads)