Monday, January 19, 2026
Follow Us
වර්තමාන සහ හිටපු ඇමැතිවරුන් 8ක් ගැන අල්ලස් පරීක්ෂණ

අල්ලස් හෝ දූෂණ ​චෝදනාව එල්ල වූ දේශපාලනඥයන් අටදෙනකු පිළිබඳව පරීක්ෂණ පැවැත්වෙන බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම දේශපාලනඥයන් අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සේම වර්තමාන හා හිටපු ඇමැතිවරුද සිටින බව එම ආරංචි මාර්ග කියයි. එකී දේශපාලනඥයන්ට විරුද්ධව පවතින විවිධ අල්ලස් හා දූෂණ සිද්ධීන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමේදී ඇතැම් රජයේ කාර්යාලවලින් තොරතුරු ලැබීමේ ප්‍රමාදයක් පවතින බව පැවැසේ.

එමෙන්ම විමර්ශන කටයුතු සඳහා කොමිෂන් සභාවේ ප්‍රමාණවත් තරම් නිලධාරීන් සංඛ්‍යාවක් නොසිටීමද දේශපාලනඥයන් සම්බන්ධ විමර්ශන ප්‍රමාද වීමට හේතුවී තිබෙන බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.

(Lanka Leads)