Monday, January 19, 2026
Follow Us
හරීන් ගම්පහට..සුජීව කොළඹට.. නලින් කුරුණෑගලට – සජිත් මහ ඡන්දෙට සූදානම්

සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙන බව වාර්තාවේ.

මෙම සතිය අවසාන වීමට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් පේ‍්‍රමදාස මහතාට ලබා නොදුනහොත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග එක්ව වෙනම දේශපාලන පෙරමුණක් බිහි කිරීමට සුදානමින් සිටියි.

කොළඹ දිස්ත්‍රික්කයට සුජීව සේනසිංහ මහතාටද, හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහ දිස්ත‍්‍රික්දකයට ද , අජිත් පී පෙරේරා කළුතර දිස්ත්‍රික්කයට ද නලින් බණ්ඩාර මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයට ද නායකත්වය දෙනබව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

(Lanka Leads)